විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව අද පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වැදගත් වෙනසක් සිදු කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ අනුව කණ්ඩායමේ මැදපෙළ පිතිකරණය ශක්තිමත් කිරීමේ අරමුණින්, දඟපන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත වෙනුවට චරිත් අසලංක අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය.
මෙම උණුසුම් තරගය අද රාත්‍රී 7ට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර, ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය ශක්තිමත් කිරීමට චරිත් අසලංකගේ පැමිණීම මහඟු පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යාම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අතිශයින් වැදගත් වන බැවින් කණ්ඩායමේ සිදු කළ මෙම වෙනස ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.














