2025 සැප්තැම්බර් මාසයේදී ප්‍රමුඛ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ චාලි කර්ක් (Charlie Kirk) ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 22 හැවිරිදි තයිලර් රොබින්සන්ගේ (Tyler Robinson) නඩු විභාගයේදී අතිශය තීරණාත්මක කරුණක් අනාවරණය වී තිබේ. ඩේලි මේල් (Daily Mail) පුවත්පත වාර්තා කරන පරිදි රොබින්සන්ගේ තුවක්කුවෙන් නිකුත් වූ උණ්ඩ සහ චාලි කර්ක්ගේ සිරුරේ තිබී හමුවූ උණ්ඩය එකිනෙකට නොගැළපෙන බව ඇමෙරිකානු මධ්‍යම විමර්ශන අංශ (ATF) මඟින් තහවුරු කර ඇත.
තයිලර් රොබින්සන් මීට පෙර Discord සමූහයක් හරහා සහ අධිකරණය හමුවේ මෙම ඝාතනය තමන් සිදුකළ බවට පාපොච්චාරණය කර තිබුණද මෙම නව විද්‍යාත්මක සාක්ෂියත් සමඟ නඩුවේ ස්වභාවය වෙනස් වී තිබේ. ට්‍රම්ප් පරිපාලනය යටතේ ජාතික ප්‍රති-ත්‍රස්ත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජෝ කෙන්ට් (Joe Kent) ඇතුළු පිරිසක් පෙන්වා දෙන්නේ රොබින්සන් මෙම මෙහෙයුමේදී තනිව කටයුතු නොකළ බවත් මෙයට පිටුපසින් විශාල කුමන්ත්‍රණයක් පවතින බවත්ය.
තයිලර් රොබින්සන් යූටා (Utah) ප්‍රාන්තයේ ප්‍රෝවෝ (Provo) හිදී සිය ප්‍රථම අධිකරණ පෙනී සිටීමේදී වරද පිළිගෙන තිබුණි. කැන්ඩස් ඕවන්ස් සහ ටකර් කාල්සන් වැනි ප්‍රමුඛ මතධාරීන් මෙම ඝාතනය පිටුපස ඇති ගුප්ත බව පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටිති. මෙම නඩුවේ සාක්ෂි දීම සඳහා ජෝ කෙන්ට් ඉදිරිපත්ව සිටින අතර එහිදී රොබින්සන් හැර වෙනත් පාර්ශවයන් මෙයට සම්බන්ධ බවට ඔහු තර්ක කිරීමට නියමිතය.














