• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිකිලි බිත්තර රක්වන මධ්‍යස්ථානය උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ අතින් විවෘත වේ

21 March 2023
in දේශීය

මෙතෙක් කාලයක් උතුරුමැද පළාතට විශාල අඩුපාඩුවක්ව පැවති කිකිලි බිත්තර රක්වන මධ්‍යස්ථානයක් විවෘත කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අතින් සිදු කෙරිණි.

උතුරු මැද පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර තිරප්පනය සත්ව අභිජනන මධ්‍යස්ථාන ගොවි පොලෙහි මෙම කිකිලි බිත්තර රක්වන මධ්‍යස්ථානය පිහිටි විය ඒ සඳහා පළාත් සභා අරමුදලින් රුපියල් ලක්ෂ සීයක් (100) වැය කර ඇත.

මෙතෙක් කාලයක් උතුරුමැද පළාතට අවශ්‍ය කිකිළි පැටවුන් පිට පළාත්වලින් අධික මිලකට මිලදී ගත්ත අතර රුපියල් එකසිය විස්සකට (120) පමණ මිල දී ගත් කිකිළි පැටවකු මේ වන විට රුපියල් 450 දක්වා මිල ඉහළ ගොස් ඇත. එසේ ලබාගන්නා දිනක් වයසැති පැටවුන් පළාතේ ගොවිපලක මාසයක් දක්වා වර්ධනය කර ගොවීන්ට ලබාදීම සිදුකරනු ලබයි. නමුත් මෙම බිත්තර රැක්කවීමේ මධ්‍යස්ථානය ආරම්භ කිරීමත් සමඟ ගුණාත්මක හා නිරෝගී කිකිළි පැටවුන් ලබාදිය හැකි වේ. එමගින් උතුරු මැද පළාත් සභාවට විශාල ආදායමක් ද ලබාගත හැක

මසක් වයසැති කුකුළු පැටවකු රුපියල් නමසිය පනහක (950) පමණ මුදලකට ගොවීන් වෙත ලබාදීමට පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි. මීට අමතරව දිනක් වයසැති කිකිළි පැටවුන් ද අවශ්‍ය අය සඳහා ලබාදීමට බලාපොරොත්තු වේ. මෙහිදී නිෂ්පාදනය වන පිරිමි කුකුල් පැටවුන් ද අවශ්‍යතාවය අනුව ගොවීන් වෙත සැපයෙන අතර එහිදී සාමාන්‍ය ක්‍රමයට ඔවුන් ඇති කිරීමේදී බ්‍රොයිලර් වර්ගයේ නොවී කරි කුකුළන් ආකාරයේ කුකුලන් ලෙස අලෙවි කළ හැකි බව දෙපාර්තමේන්තුව පවසයි. එහිදී මාස 04 හෝ 4 1/2 පමණ ගත වන විට කිලෝ ග්‍රෑම් එක හමාරක පමණ බර කුකුළකු නිෂ්පාදනය වේ.

මෙම කිකිලි බිත්තර රැස්වීමේ මධ්‍යස්ථානය අදියර තුනක් යටතේ සංවර්ධනය කෙරෙන අතර මෙහි පළමු පියවර ලෙස මෙය ආරම්භයත් ,දෙවන පියවර හා තෙවන පියවර වශයෙන් මෙය වැඩි දියුණු කිරීමටත් බලාපොරොත්තු වේ. මේ සඳහා පළාත් සභා අරමුදලින් රුපියල් ලක්ෂ 300ක මුදලක් ඉදිරියේ දී යෙදවීමට ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා බලාපොරොත්තු වේ.

මෙහිදී දැනට එක් වරකදී බිත්ත දහසය දහසක් (16000) රුක්වීමේ හැකියාව ඇත. දැනට පවතින තත්වය යටතේ වසරකට පැටවුන් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි අතර ඉදිරි අදියර වළින් මේ ව්‍යාපෘතිය පුළුල් කිරීම තුලින් වසරකට විශාල ප්‍රමාණයක් කිකිළි පැටවුන් බිහි කළ හැක.

උතුරුමැද පලාත තුල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමත් දරුවන්ගේ අඩු පෝෂණ මට්ටම ඉහළ නැංවීමත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රමුඛ අරමුණ වේ.

මෙම අවස්ථාවට උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. ආර්. නිශාන්ත පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විජය වනසිංහ ,පළාත් සමුපකාර අමාත්‍යංශයේ ලේකම් සම්පත් ධර්මදාස පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එම්.යූ.එම්. අමරසිංහ, යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

තිසර සමල් සෝමරත්න – අනුරාධපුර

Post Views: 18
Previous Post

ශ්‍රී ලංකාවට IMF විස්තීර්ණ ණය පහසුකමට අනුමැතිය හිමිවෙයි

Next Post

මහරගම ස්ථිර සහ දෛනික සුරාබදු බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවන්නැයි අගමැති උපදෙස් දෙයි

editor

editor

Next Post

මහරගම ස්ථිර සහ දෛනික සුරාබදු බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවන්නැයි අගමැති උපදෙස් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved