වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධ හලාවත සහ කුරුණෑගල වැවිලි සමාගම් පසුගිය වසරේදී ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරමින් සිය සේවකයන් සඳහා සුවිශේෂී ප්‍රසාද දීමනා පිරිනැමීමට කටයුතු කර තිබේ. හලාවත වැවිලි සමාගම රුපියල් මිලියන 650ක වාර්තාගත ලාභයක් උපයා ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව තුන් ගුණයක වර්ධනයකි. එම ලාභයෙන් රුපියල් මිලියන 130ක මුදලක් සේවක ප්‍රසාද දීමනා ලෙස වෙන් කර ඇති අතර, එක් සේවකයෙකුට රුපියල් 176,900ක සිට ඉහළ දිරිදීමනා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිනමන ලදී.
මේ අතර කුරුණෑගල වැවිලි සමාගම ද ඉහළ ලාභයක් ලබමින් රුපියල් මිලියන 140ක මුදලක් සේවක ප්‍රසාද දීමනා ලෙස බෙදා දී ඇති අතර, එය පෙර වසරට වඩා සියයට සියයක වර්ධනයක් සටහන් කිරීමකි. එහිදී එක් සේවකයෙකුට රුපියල් 75,000ක අවමයක සිට දිරිදීමනා ලබාදීමට හැකි වී තිබේ. මෙම ප්‍රසාද දීමනා ප්‍රදානය කිරීමේ අවස්ථාවන්ට මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටි අතර, රජයට අයත් වැවිලි සමාගම් මෙලෙස ලාභදායී මට්ටමට පැමිණීම ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් ලෙස සැලකේ.














