වැලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත හලාවත වැවිලි සමාගම 2025 වසර සඳහා රුපියල් මිලියන 650ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත් වී තිබේ. මෙය සමාගම් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ලාභය වන අතර 2024 වසරේදී වාර්තා වූ රුපියල් මිලියන 219ක ලාභය සමඟ සැසඳීමේදී එය තුන් ගුණයකට වඩා වැඩි වීමක් ලෙස සනිටුහන් වේ. එමෙන්ම එම වසර තුළ සමාගම රුපියල් මිලියන 1594ක වාර්තාගත ආදායමක් ද උපයා ඇති බව වාර්තා වේ.
සමාගම ලැබූ මෙම සුවිශේෂී ජයග්‍රහණයේ ප්‍රතිලාභ එහි සේවක පිරිස වෙත ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති අතර ඒ අනුව ලාභයෙන් රුපියල් මිලියන 130ක මුදලක් සේවක ප්‍රසාද දීමනා වෙනුවෙන් වෙන් කර ඇත. “එක්ව දිනමු – දිරිය අගයමු” යන තේමාව යටතේ හලාවත මිකයිලා රිසෝට් (Mikayla Resort) පරිශ්‍රයේදී පැවැති උත්සවයකදී සේවකයින් 535 දෙනෙකු වෙත මෙම දීමනා පිරිනැමුණි. මෙහිදී සේවකයෙකු සඳහා අවම වශයෙන් රුපියල් 176,900 සිට ඉහළට දිරි දීමනා ලබා දීම කැපී පෙනෙන සිදුවීමකි.
වැලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් ගිහාන් සහ ගයාන් ජානක යන මහත්වරුන් ද සහභාගී වූහ. හලාවත වැවිලි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන දිසානායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද එක්ව සිටි මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා අවධාරණය කළේ රාජ්‍ය ආයතනයක් නිසි කළමනාකාරීත්වයකින් මෙහෙයවීමෙන් මෙවැනි ඉහළ ප්‍රතිඵල අත්කර ගත හැකි බවයි.














