කිලිනොච්චිය, තොන්ඩමන් නගර ප්රදේශයේ නිවසට බිත්තියක් කඩා වැටීමෙන් නිවසේ සිටි පිරිමි දරුවෙකු තුවාල ලබා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (12) පෙරවරු 11 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර බිත්තිය කඩා වැටී තුවාල ලැබු පිරිමි දරුවා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
මිය ගිය දරුවා වයස අවුරුදු 08 ක් වන තොන්ඩමන් නගරයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පති කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශනය පවත්වනු ඇත.