විවිධ හේතූන් මත මහමග දමා යන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජය විසින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කරයි. අදට (08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
එවැනි අසරණ තත්ත්වයට පත්වන දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ආධාර ලබාදීමට පමණක් නොව, ඔවුන්ව වගකීමෙන් යුතුව රැකබලා ගැනීමට අවශ්‍ය පහසුකම් සහ නීතිමය ක්‍රමවේදයන් ද මේ වන විට ස්ථාපිත කර ඇති බව අමාත්‍යවරිය අවධාරණය කළාය. දරුවන් අත්හැර දැමීමට මව්වරුන් පෙළඹෙන සමාජීය සහ ආර්ථිකමය කරුණු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම රජයේ ප්‍රමුඛතාවක් බව ද ඇය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.
කාන්තාව සහ දරුවා සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහන් හරහා, කිසිදු දරුවෙකුට මව්පිය රැකවරණය අහිමි වීම නිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වීමට ඉඩ නොතබන බව ද අමාත්‍යවරිය සහතික කළාය.














