චීනය විසින් ඉදිරි සති කිහිපය තුළ ඉරානය වෙත නව ගුවන් ආරක්ෂක පද්ධති (Air Defense Systems) තොගයක් ලබාදීමට සූදානම් වන බවට අමෙරිකානු බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව CNN පුවත් සේවය වාර්තා කරයි. මෑතකදී සිදුකළ බුද්ධි අංශ ඇගයීම් උපුටා දක්වමින් එම වාර්තාව සඳහන් කරන්නේ, මෙම අවි ආයුධ නැව්ගත කිරීමේදී ඒවායේ ආරම්භක ස්ථානය සැඟවීම සඳහා තුන්වන පාර්ශවීය රටවල් හරහා ප්‍රවාහනය කිරීමට බෙයිජිං පාලනය සැලසුම් කර ඇති බවයි.
අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වන පසුබිමක මෙම තොරතුරු අනාවරණය වීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, මෙම වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වීම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ධවල මන්දිරය සහ වොෂින්ටනයේ පිහිටි චීන තානාපති කාර්යාලය මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි. ඉරාන යුද්ධය හේතුවෙන් කලාපීය බලවතුන්ගේ මැදිහත්වීම තවදුරටත් ඉහළ යමින් පවතින බව මෙමඟින් පෙන්නුම් කරන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














