ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ලද ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) හමුදා මෙහෙයුම පිළිබඳව චීනය සිය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, එම ප්‍රහාර වහාම නතර කරන ලෙස බලකර සිටියි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු අද (28) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භූමියෙහි අඛණ්ඩතාවයට සියලු පාර්ශ්වයන් ගරු කළ යුතු බවයි.
තවදුරටත් ගැටුම් උත්සන්න කිරීමෙන් වළකින ලෙසත්, සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට වහාම යොමු වන ලෙසත් චීනය ඉල්ලා සිටියි. මැදපෙරදිග කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතු බව අවධාරණය කරන චීනය, මෙම ඒකපාර්ශ්වික හමුදා ක්‍රියාමාර්ග කලාපය දැඩි අර්බුදයකට ඇද දමන බවට අනතුරු අඟවා තිබේ. රුසියාව සහ ඉන්දියාව ද චීනය සමඟ එක්ව මෙම ගැටුම් නතර කර රාජ්‍ය තාන්ත්‍රික මාවතකට පිවිසෙන ලෙස පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇත.














