පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීන රජය සිය එකඟතාවය පළ කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට (අප්‍රේල් 06) දිනයේදී පැවැත්වීමට නියමිත බවයි. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ලැබෙන නිශ්චිත ඉන්ධන වර්ගය සහ අදාළ නෞකාව මෙරටට ළඟා වන දිනය පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වනවා.














