6 වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය අද (අප්‍රේල් 13) චීනයේ හයිනාන් පළාතේදී නිල වශයෙන් ආරම්භ විය. එළඹෙන අප්‍රේල් 18 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ ප්‍රවෘත්ති මධ්‍යස්ථානය අද පස්වරු 2:00 ට විවෘත කිරීමට නියමිතව තිබුණි.
ප්‍රදර්ශන ශාලා 8 කින් සමන්විත මෙවර ප්‍රදර්ශනයේදී ස්මාර්ට් කණ්නාඩි, පියාඹන මෝටර් රථ සහ සේවා රොබෝවරු වැනි අති නවීන නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනය කෙරෙන අතර ඒවා මාධ්‍ය සහ පාරිභෝගිකයන්ගේ විශේෂ අවධානයට ලක්ව තිබේ. හයිනාන් නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු පැවැත්වෙන පළමු ජාතික මට්ටමේ ප්‍රදර්ශනය මෙය වීම විශේෂත්වයකි. මේ හේතුවෙන් නිදහස් වෙළඳ වරායේ ආයෝජන ප්‍රවර්ධන ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රදර්ශකයින් දැනුවත් කිරීම සඳහා විශේෂ කලාපයක් ද මෙහි ස්ථාපිත කර ඇත.














