කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසර හයක කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ චීනය සහ උතුරු කොරියාව අතර මගී දුම්රිය සේවය හෙට (12) සිට යළි ආරම්භ කිරීමට නියමිතය. මෙම පියවර දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා යළි ශක්තිමත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
නව සැලසුම් අනුව චීනයේ බීජිං නුවර සහ උතුරු කොරියාවේ ප්යොංයැං අගනුවර අතර සතියකට දුම්රිය ගමන් වාර හතරක් ක්‍රියාත්මක වනු ඇත. මීට අමතරව, චීන දේශසීමාව ආසන්නයේ පිහිටි ඩැංඩොං නගරය සහ ප්යොංයැං අතර දිනපතා දුම්රිය ධාවනය කිරීමට ද බලධාරීන් තීරණය කර තිබේ. මෙම දුම්රිය සේවය යළි ඇරඹීමත් සමඟ දෙරට අතර සංචාරක කටයුතු සහ වෙළෙඳ සබඳතා වේගයෙන් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














