චීනයේ තාක්ෂණික ක්ෂේත්‍රය තුළ මේ දිනවල ලොබ්ස්ටර් (Lobster) යනුවෙන් හැඳින්වෙන ඕපන්ක්ලෝ (OpenClaw) නමැති කෘත්‍රිම බුද්ධි සහායකයා වටා විශාල උන්මාදයක් නිර්මාණය වී තිබේ ඔස්ට්‍රියානු ජාතිකයෙකු විසින් නිර්මාණය කරන ලද මෙම විවෘත මූලාශ්‍ර (Open-source) මෘදුකාංගය චීන මාදිලිවලට ගැළපෙන සේ සකසා ගැනීමට හැකිවීම මෙයට හේතුවයි විශේෂයෙන්ම බටහිර රටවල ChatGPT වැනි සේවාවන් චීනයට විවෘත නොවන පසුබිමක තරුණ තරුණියන්ගේ සිට විශ්‍රාමිකයන් දක්වා බොහෝ පිරිසක් මෙම ලොබ්ස්ටර් පුහුණු කිරීමට හෙවත් ඇති කිරීමට (Raising lobsters) පෙළඹී සිටිති
චීන රජය විසින් AI Plus නමැති ජාතික උපායමාර්ගය යටතේ කෘත්‍රිම බුද්ධිය සෑම ක්ෂේත්‍රයකටම සම්බන්ධ කිරීමට දිරිගන්වන අතර ඇතැම් නගර මේ සඳහා යුවාන් මිලියන ගණනින් මූල්‍ය ආධාර ද පිරිනමයි මෙම AI සහායකයා හරහා දිනකට කළ හැකි වැඩ ප්‍රමාණය මිනිත්තු කිහිපයකින් නිම කිරීමට හැකි වී ඇති බව පරිශීලකයෝ පවසති උදාහරණයක් ලෙස නිෂ්පාදන ලැයිස්තුගත කිරීම් සහ මිල ගණන් සැසඳීම වැනි සංකීර්ණ කාර්යයන් ඉතා වේගයෙන් සිදු කිරීමට මෙයට හැකියාව පවතී කෙසේ වෙතත් මෙම තාක්ෂණය නිසා රැකියා අහිමි වීමේ බියක් ද තරුණ ප්‍රජාව අතර නිර්මාණය වී ඇත
පවතින දැඩි තරඟකාරිත්වය හමුවේ 2026 වසරේදී ලොබ්ස්ටර් ඇති නොකරන අය ආරම්භයේදීම පරාජය වූවන් ලෙස සැලකෙන බව එරට රජයේ පුවත්පත් පවා පෙන්වා දෙයි ආරක්ෂක හේතූන් මත ඇතැම් රජයේ ආයතන මෙම මෘදුකාංගය තහනම් කර තිබුණ ද චීනයේ AI විප්ලවය නතර කළ නොහැකි වේගයකින් ඉදිරියට යමින් පවතී මිනිස් ශ්‍රමය වෙනුවට AI සහායකයන් ආදේශ වීම නිසා ඉදිරියේදී රැකියා වෙළඳපොළේ විශාල පෙරළියක් සිදුවනු ඇතැයි විද්වත්හු අනතුරු අඟවති














