ජපානය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය උත්සන්න කරමින් චීනය විසින් ජපන් සමාගම් දුසිම් ගණනකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කර තිබේ. චීන වාණිජ අමාත්‍යාංශය පවසන්නේ සිවිල් සහ මිලිටරි යන දෙඅංශයටම යොදාගත හැකි “ද්විත්ව භාවිත” (dual-use) ද්‍රව්‍ය ජපන් සමාගම් 20කට අපනයනය කිරීම අත්හිටුවන බවයි. තවත් සමාගම් 20ක් විශේෂ “නිරීක්ෂණ ලැයිස්තුවකට” ඇතුළත් කර ඇත. මෙම පියවර ජපානයේ “හමුදාකරණය” සහ න්‍යෂ්ටික අභිලාෂයන් මැඬලීම සඳහා ගෙන ඇති බව චීනය පවසයි.














