චීනය විසින් සිය නවතම චන්ද්‍රිකා සමූහයක් සාර්ථක ලෙස අභ්‍යවකාශ ගත කිරීමට පියවර ගෙන තිබේ. නැගෙනහිර චීනයේ ෂැංඩොං (Shandong) පළාතේ සිට මෙම දියත් කිරීම සිදු කර ඇති අතර, ඒ සඳහා ‘ස්මාට් ඩ්‍රැගන් 3’ (Smart Dragon-3) වර්ගයේ රොකට්ටුවක් භාවිතා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (22) දිනයේදී සිදු වූ මෙම මෙහෙයුම මඟින් අදාළ චන්ද්‍රිකා නියමිත කක්ෂය වෙත සාර්ථකව රැගෙන ගොස් ඇත.
මෙම චන්ද්‍රිකා සමූහය විද්‍යාත්මක පරීක්ෂණ, පෘථිවි නිරීක්ෂණ සහ සන්නිවේදන කටයුතු ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. චීනය මෑත කාලීනව සිය අභ්‍යවකාශ වැඩසටහන් වේගවත් කර ඇති අතර, වාණිජමය වශයෙන් චන්ද්‍රිකා දියත් කිරීමේ ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛස්ථානයක් ලබා ගැනීමට මෙම ‘ස්මාට් ඩ්‍රැගන්’ රොකට් මාලාව වැදගත් මෙහෙවරක් ඉටු කරයි.














