මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භූමියෙහි අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බෙයිජිං පාලනය සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව චීන විදේශ අමාත්‍යවරයා විසින් ඉරාන විදේශ අමාත්‍යවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. චීන රජයේ නිල මාධ්‍ය වාර්තා කරන පරිදි දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, ජාත්‍යන්තර නීතියට පටහැනිව ඉරානයට එල්ල වන ප්‍රහාර හමුවේ සිය මිත්‍ර රාජ්‍යයේ ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටින බව චීනය මෙහිදී අවධාරණය කර ඇත. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිදු කෙරෙන හමුදාමය මැදිහත්වීම් චීනය දැඩිව විවේචනය කරන අතර කලාපීය සාමය උදෙසා වහාම සටන් විරාමයකට එළඹිය යුතු බවට ද බෙයිජිං පාලනය සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.














