චීනයේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිණියක සිය අනුගාමිකයින් සමඟ සජීවීව සම්බන්ධ වෙමින් සිටියදී සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇයගේ ‘Beauty Filter’ එක ක්‍රියා විරහිත වී තිබේ. මෙම අකරතැබ්බය නිසා ඇය කලක් තිස්සේ මවාගෙන සිටි පෙනුම වෙනුවට සැබෑ ස්වරූපය නිරාවරණය වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට සිය අනුගාමිකයින් 140,000ක් පමණ ක්ෂණිකව අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සජීවී විකාශය අතරතුර කෙටි වෙලාවකට සිදුවූ මෙම වෙනස් වීම දුටු පිරිස එම දර්ශන සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය කර ඇති අතර, බොහෝ දෙනෙකු ඇයට චෝදනා කර ඇත්තේ අනුගාමිකයින් මුලාවට පත් කළ බව පවසමිනි. වර්තමානයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අතර සම පැහැපත් කරන, ඇස් විශාල කරන සහ මුහුණේ හැඩය වෙනස් කරන මෙවැනි ‘Beauty Filters’ භාවිතය සාමාන්‍ය දෙයක් වී ඇතත්, සැබෑ පෙනුම සම්පූර්ණයෙන්ම වසන් කිරීම පිළිබඳව මෙහිදී දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
මෙම සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ පවතින “කෘතිම සුන්දරත්වය” සහ එහි සදාචාරාත්මක පැත්ත පිළිබඳව ලෝක මට්ටමින් නැවතත් විවාදයක් මතුව ඇත.














