ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු ඇතුළු පොලිස් නිළධාරින් 11 දෙනෙකු සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර තිබේ.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ආර්.පී.ජේ අල්විස් පත් කර ඇත.
එසේම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව් තිලකරත්න පත්කර ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසය.
තවද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.ජී.එන්.ඩබ්ලිව්.ඩී තල්දූව පත් කර ඇති අතර ඔහු ඊට පෙර කටයුතු කළ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.සී.ඒ පුෂ්පකුමාර පත් කර ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජී.එල් ගීතාල් නුගේගොඩ කොට්ඨාස භාර තනතුරේ සිට විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර ඇත.
ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.වී.පී. අජිත් හේසිරි පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂවරයා ලෙසත් පත් කිරිමට ජාතික පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවපොලිස් මූලස්ථානය පවසයි.
මේ සම්බන්ධව නිකුත් කර ඇති පොලිස් නිවේදනය පහත දැක්වේ.