අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. පවතින විමර්ශනවලට බාධා කිරීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වන අතර ඔහු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියදී ද විවිධ සංවේදී විමර්ශන සම්බන්ධයෙන් දැඩි අවධානයට ලක්වූ නිලධාරියෙකි. අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරි විමර්ශන කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අල්ලස් කොමිසම මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.














