2009 වසරේ සිට මේ දක්වා මෙරටට ආනයනය කරන ලද සියලුම ගල් අඟුරු නෞකා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ගල් අඟුරු ආනයනය කිරීමේදී මහා පරිමාණ වංචාවන් සිදුවී ඇති බවට පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පසුගිය කාලය පුරා එල්ල වූ චෝදනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබීම මීට හේතුවයි.
ජනාධිපතිවරයාගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වූ ජනාධිපති ලේකම්වරයා, අදාළ කාලසීමාව තුළ සිදුවූ ගනුදෙනු පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස CIDය වෙත දැනුම් දී ඇත. මීට අමතරව, සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පෙට්‍රල් වාහන සඳහා පනවා තිබූ QR කෝටා සීමාවන් ඉවත් කර බාධාවකින් තොරව ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇති බව ද වාර්තා වේ.














