ශ්‍රී ලංකා ගිනි නිවන හමුදාවේ සියවසකට අධික ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වරට කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන ගිනි නිවන නිලධාරී පී.ඩී.කේ.ඒ. විල්සන් මහතා ප්‍රකාශ කළේය. මේ වන විට එම සේවාවට කාන්තා නියෝජනයක අවශ්‍යතාව තදින් පවතින බැවින් බස්නාහිර පළාතේ ගිනි නිවීම් ඒකක අටක් කේන්ද්‍ර කරගනිමින් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට යෝජිතය. කාන්තාවන් සඳහා අවශ්‍ය නේවාසික පහසුකම් සහ නිල ඇඳුම් ඇතුළු මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මෙම බඳවා ගැනීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.














