• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල ගල් අඟුරු ගනුදෙනුවෙන් කෝටි 849ක පාඩුවක්

චම්පික රණවක ගෙන් බරපතල අනාවරණයන්

5 March 2026
in දේශීය, පුවත්
බාල ගල් අඟුරු ගනුදෙනුවෙන් කෝටි 849ක පාඩුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීම හේතුවෙන් රුපියල් කෝටි 849ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවත්, ඒ හරහා පාරිසරික විනාශයක් නිර්මාණය වෙමින් පවතින බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (05) විශේෂ ප්‍රකාශයක් කරමින් අනාවරණය කළේය. මහජන උපයෝගිතා කොමිසම විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවක් පදනම් කරගනිමින් ඔහු පෙන්වා දුන්නේ, ගල් අඟුරු නැව් 09ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෙම දැවැන්ත වංචාව හෙළි වී ඇති බවයි. මහජනතාව රවටා බාල ගල් අඟුරු ගෙන්වුවද විදුලි උත්පාදන යන්ත්‍ර රවටා අඛණ්ඩ විදුලිය ලබා දිය නොහැකි බවත්, මෙම තත්ත්වයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
මෙම බාල ගල් අඟුරු භාවිතය නිසා බලාගාරවලින් අහසට නිකුත් වන අළු ප්‍රමාණය 102%කින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් රණවක මහතා, මෙහි දරුණුතම ප්‍රතිඵලය ලෙස ඉදිරියේදී “සල්ෆියුරික් වැසි” ඇතිවීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීය. මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පරිසර අධිකාරිය කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඔහු ඉල්ලා සිටියේය. තවද, දැනට සැලසුම් කර ඇති ගල් අඟුරු නැව් 25ම පැමිණියද, ලබන ඔක්තෝම්බර් 02 වන විට මෙරට ගල් අඟුරු තොග අවසන් වීමේ අවදානමක් පවතින බවත්, සැපයුම අඩාල වුවහොත් එහි සම්පූර්ණ වගකීම අදාළ අමාත්‍යවරයා පත්කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා භාරගත යුතු බවත් ඔහු පැවසීය.
මැදපෙරදිග පවතින ඉරාන-ඊශ්‍රායල යුදමය වාතාවරණය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව ද අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, ඒ හේතුවෙන් තෙල් සහ ගෑස් මිල ඉහළ යාම මෙරටට දැඩි පහරක් බව ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම ඉන්දියාවට පැමිණි නැවක් ඉරානය බලා යන අතරතුර ප්‍රහාරයකට ලක්වීම නිසා මෙරට අපනයන කටයුතු ද අඩාල වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව කිසිසේත්ම මෙම යුද අර්බුදයකට ඈදා නොගත යුතු බවටත්, අපේ දේශසීමා ආරක්ෂාව කෙරෙහි පමණක් අවධානය යොමු කළ යුතු බවටත් ඔහු ඉල්ලීමක් කළේය. තමන් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ විදේශ රටවලින් මුදල් ලබා නොගෙන බලාගාර ඉදි කළ බවත්, බාල ගල් අඟුරු ගෙන්වූ සමාගම්වල ටෙන්ඩර් වහාම අවලංගු කිරීමට පියවර ගත් බවත් ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.
Post Views: 5
Previous Post

මහනුවර හෝටලයක අශෝභන ලෙස හැසිරුණු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකුට දඩ

Next Post

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට එරෙහිව චිරන්ත අමරසිංහගෙන් CIDයට පැමිණිල්ලක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වට්ටම් මුදල ඉහළ දමන්නැයි   තෙල් බෙදුම්කරුවන්ගෙන් බලපෑම්

වට්ටම් මුදල ඉහළ දමන්නැයි තෙල් බෙදුම්කරුවන්ගෙන් බලපෑම්

4 April 2026
“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

4 April 2026
ඉල්ලීම් ඉදිරිපත් කරනවා වෙනුවට  ඉරානය සමඟ සාකච්ඡා කිරීමට  ට්‍රම්ප් ඉගෙන ගත යුතුයි

ඉල්ලීම් ඉදිරිපත් කරනවා වෙනුවට ඉරානය සමඟ සාකච්ඡා කිරීමට ට්‍රම්ප් ඉගෙන ගත යුතුයි

4 April 2026
හඳුන්ගේ V8 එන්ජිම  මටත් ඕනෑ

හඳුන්ගේ V8 එන්ජිම මටත් ඕනෑ

4 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වට්ටම් මුදල ඉහළ දමන්නැයි   තෙල් බෙදුම්කරුවන්ගෙන් බලපෑම්

වට්ටම් මුදල ඉහළ දමන්නැයි තෙල් බෙදුම්කරුවන්ගෙන් බලපෑම්

4 April 2026
“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

4 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved