කොළඹ නගරයේ සුවිශේෂී වාස්තු විද්‍යාත්මක සංකේතයක් බඳු අල්ටෙයාර් (Altair) සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නව පහසුකම් කළමනාකරණ සහකරු ලෙස රියල්ටි මැනේජ්මන්ට් සර්විසස් (RMS) ආයතනය පත් කර තිබේ. ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ හැව්ලොක් සිටි (Havelock City) හි හිමිකාරීත්වය දරන ඕවර්සීස් රියල්ටි සිලෝන් පීඑල්සී (Overseas Realty Ceylon PLC) සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන RMS, මෙරට උසස් පෙළේ ගොඩනැගිලි කළමනාකරණය සම්බන්ධයෙන් වසර 28ක පළපුරුද්දක් සහිත ආයතනයකි. මෙම නව පත්වීමත් සමඟ අල්ටෙයාර් පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් සහ වෘත්තීය මට්ටමකට ගෙන ඒමට කළමනාකාරිත්වය අපේක්ෂා කරයි.
මෙම වෙනසත් සමඟ නිවැසියන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීම, ඉහළ පිරිසිදුකම, දැඩි ආරක්ෂක විධිවිධාන සහ වඩාත් විනිවිදභාවයකින් යුතු සන්නිවේදන පද්ධතියක් හඳුන්වා දීමට නියමිතය. තාක්ෂණික මෙවලම් භාවිතයෙන් සේවා වාර්තා කිරීම සහ නඩත්තු කටයුතු සැලසුම් කිරීම මෙන්ම බලශක්ති පිරිවැය අවම කරගැනීමේ තිරසාර ක්‍රමවේදයන් ද ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත. RMS හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙමාස් ගවුස් මහතා පවසන්නේ, අල්ටෙයාර් හි ගෘහ නිර්මාණ ශිල්පයට සහ එහි උසස් ප්‍රමිතියට ගැලපෙන අයුරින් වගකීම් සහගත සහ ගුණාත්මක ජීවන වටපිටාවක් ගොඩනැගීම තම ආයතනයේ ප්‍රමුඛතාවය වන බවයි.















