සිංහල සහ දමිළ අලුත් අවුරුදු නිමිත්තෙන් කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි. මගී අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ඕනෑම අවස්ථාවක අතිරේක බස් රථ යෙදවීමට ලංගම සහ පෞද්ගලික බස් බලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
විශේෂයෙන්ම අධිවේගී මාර්ග හරහා ගමන් ගන්නා මගීන් වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විශේෂ බස් රථ සේවාවක් සැලසුම් කර ඇති අතර, පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පළෙන් ද දුර බැහැර සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. මේ අතර, අවුරුදු සමයේ මගීන්ගේ හදිසි අවශ්‍යතාවය ප්‍රයෝජනයට ගනිමින් නියමිත ගාස්තුවට වඩා වැඩි මුදල් අයකරන බස් රථ සොයා අදත් වැටලීම් සිදුකරන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කළේය.
මෙම විශේෂ ප්‍රවාහන සේවා අවුරුදු නිවාඩුව අවසන් වී ජනතාව නැවත කොළඹ බලා පැමිණෙන කාලය දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අංශ සැලසුම් කර තිබේ. ජනතාවට යම් අපහසුතාවයක් හෝ වැඩිපුර මුදල් අය කිරීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ක්ෂණික ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙසද රජය ඉල්ලා සිටී.














