අලව්ව වෙදගෙදර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම (Alawwa Wedagedara Producers (Pvt) Ltd) විසින් භාවිත කරනු ලබන ‘Garsy-Herbal Candy’ යන වෙළෙඳ නාමය නීති විරෝධී ලෙස අනුකරණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සදර්න් ආයුර්වේද පුද්ගලික සමාගමට (Southern Ayurveda (Pvt) Ltd) එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. පැමිණිලිකාර සමාගමේ වෙළෙඳ නාමයට ශබ්දමය හෝ දෘශ්‍යමය වශයෙන් සමානකම් ඇති නාමයන් භාවිත කරමින් ආයුර්වේද නිෂ්පාදන සිදු කිරීම, ප්‍රචාරණය සහ වෙළෙඳ දැන්වීම් අනුකරණය කිරීම වළක්වාලමින් මෙම නියෝගය පනවා ඇත. 2026 පෙබරවාරි මස 12 වන දින නිකුත් කරන ලද මෙම වාරණ නියෝගය මගින් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි කටයුතු කිරීම විත්තිකාර සමාගමට තහනම් කර තිබේ.














