“දැය නංවන සපිරි ගමක්” ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ කොළඹ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන රාජගිරිය, නැගෙනහිර වැලිකඩ දියවන්නා ක්‍රීඩාංගනයේදී අද (17) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබුණා. “එක් ගමකට එක් ව්‍යාපෘතියක්” යන සංකල්පය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ග්‍රාමීය මට්ටමින් ඵලදායිතාව ඉහළ නැංවීම අපේක්ෂා කරන අතර අද දින දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 321ක මෙම ව්‍යාපෘතියේ සමාරම්භක කටයුතු සිදු කෙරුණා.














