කොළඹ ඩොක්යාඩ් (Colombo Dockyard) ආයතනය සහ ඉන්දීය ඩ්‍රෙජින් කෝපරේෂන් (Dredging Corporation of India) ආයතනය අතර සහයෝගීතාව වර්ධනය කරගැනීමේ විශේෂ අවබෝධතා ගිවිසුමක් අද (අප්‍රේල් 07) අත්සන් තබන ලදී. නෞකා අලුත්වැඩියා කිරීම, නවීකරණ සේවාවන් සැපයීම සහ සාගර ඉංජිනේරු ක්ෂේත්‍රයේ තාක්ෂණික හුවමාරුව යන කරුණු මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණු අතර වේ.
නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් මෙරට නාවික ක්ෂේත්‍රය නඟාසිටුවීම සහ එමඟින් ජාතික ආර්ථිකය සඳහා වැඩි දායකත්වයක් ලබාදීම මෙම සහයෝගීතාවයේ අපේක්ෂාවයි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කොළඹ නැව් තටාංගන කළමනාකරු තිමිර ගොඩකුඹුර මහතා ඇතුළු දෙරටේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම ගිවිසුම හරහා කලාපීය නාවික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු භූමිකාව තවදුරටත් ශක්තිමත් වන අතර, ඉදිරියේදී දෙරට අතර සමුද්‍රීය ක්ෂේත්‍රයේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වීමට නියමිතය.














