ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතිය අද (09) පෙරවරු 9.00 ට ආරම්භ කෙරේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය හා තාක්ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ කොටුව දුම්රිය ස්ථානය සියලු නවීන පහසුකම්වලින් සමන්විත ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමයි.
මෙහිදී දුම්රිය ස්ථානයේ පවතින ඓතිහාසික ගෘහ නිර්මාණ ලක්ෂණ ආරක්ෂා කරගනිමින්, මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ සුවපහසු සේවාවක් සැපයීම සඳහා නවීන තාක්ෂණික අංග රැසක් එක් කිරීමට සැලසුම් කර තිබේ.














