කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරි මාස 15ක් ඇතුළත සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුම හරහා කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද ඡායාරූප පෙළක් ඉදිරිපත් කරමින්, නවීකරණයෙන් පසු කොටුව දුම්රිය ස්ථානය දිස්වන ආකාරය පිළිබඳ සිය දැක්ම ඉදිරිපත් කර තිබේ.
“රට ලස්සනට දකින්න නම් ලස්සනට බලන්න ඕනේ… පටලවා ගන්න එපා, මාස 15කින් කොටුව ස්ටේෂන් එක දකින්න අපි ඉලක්ක කරන විදිහ තමයි මේ… ඒක බලාපොරොත්තුවක්… ඉලක්කගත වැඩපිළිවෙළක්!” යනුවෙන් අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූලික කටයුතු ඉදිරි කෙටි කාලය තුළ ආරම්භ කිරීමට නියමිත බවත්, නියමිත කාලරාමුව තුළ මෙම සුවිශේෂී දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිතව ජනතාවට විවෘත කිරීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














