කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සාර්ථකව නිම කිරීමෙන් පසු, ලබන අප්‍රේල් 09 වැනිදා සිට එහි දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා මීට පෙර මෙලෙස දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබුණා. එම කටයුතු අවසන් කර ඇති බැවින් අප්‍රේල් 09 වැනි බදාදා සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි දුම්රිය බලධාරීන් පවසන්නේ. මේ සමඟ කොළඹ සහ උතුරු පළාත අතර සබඳතාව යළි යථා තත්ත්වයට පත්වන බැවින් දෛනිකව ගමන් ගන්නා මගීන්ට මෙන්ම උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවටද මෙය විශාල සහනයක් වනු ඇත.














