කොළඹ මහනගර සභාවේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව, මහජන පැමිණිලි භාරගන්නා කාලසීමාව දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, මීට පෙර ලබා දී තිබූ කාලය 2026 මාර්තු 16 වනදා දක්වා දීර්ඝ කර ඇති බව එම කොමිෂන් සභාව නිවේදනය කරයි. නගර සභාවේ පාලන කටයුතු, කොන්ත්‍රාත්තු ලබාදීම සහ අනෙකුත් ව්‍යාපෘතිවලදී සිදුවූ දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි හෝ තොරතුරු සහිත ඕනෑම පුද්ගලයෙකුට ලිඛිතව හෝ කොමිෂන් සභාව හමුවට පැමිණ මේ වන විට කරුණු ඉදිරිපත් කළ හැකිය.














