පසුගිය අප්‍රේල් 08 වනදා නවීකරණය කර මහජන අයිතියට පත් කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපළවලට අලාභහානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. බස් නැවතුම්පොළේ සුභසාධක අංශය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ පිටකොටුව පොලිසිය, සොරකම් කරන ලද දේපළවලින් කොටසක් ද සමඟ මෙම 33 හැවිරිදි සැකකරු ඊයේ (11) අත්අඩංගුවට ගැනීමට සමත් විය.
සිදුව ඇති හානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිත අතර, අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. රජයේ දේපළවලට හානි කරන මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන් පොලිසියට උපදෙස් දී තිබේ.













