නීතිවිරෝධී ලෙස සහ බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 826ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මරදාන, ඩී.ආර්. විජේවර්ධන මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ. අද (06) දින සිදුකළ මෙම වැටලීමේදී ඉන්ධන අලෙවියෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 72,210ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 23 සහ 61 යන වයස්වල පසුවන වැල්ලවත්ත සහ වාරියපොල ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන ජාවාරම් මැඩපැවැත්වීම සඳහා පොලිසිය ක්‍රියාත්මක කරන විශේෂ මෙහෙයුම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් ඩීසල් තොගය පිළිබඳව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.












