ශ්‍රී ලංකා මුහුදු සීමාවේ කොළඹ වරායට නුදුරින් තවත් ඉරාන නෞකාවක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. මේ සම්බන්ධයෙන් රජය වහාම පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියේය.
ඊයේ (04) දිනයේදී අමෙරිකානු සබ්මැරිනයක් මගින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් (Torpedo) ඉරාන නෞකාවකට හානි සිදුවීම සහ එම නෞකාවේ සිටි පුද්ගලයන් 84 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීම පිළිබඳව ද විපක්ෂ නායකවරයා මෙහිදී රජයේ අවධානය යොමු කළේය. කලාපීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර යුද ගැටුම් මෙරට මුහුදු සීමාවට බලපාන ආකාරය පිළිබඳව රජය නිශ්චිත ස්ථාවරයක් ප්‍රකාශ කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















