කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (17) දිනය අවසානයේ ඒකක 17.29 කින් පහළ ගොස් තිබේ. මෙය පෙර දිනට සාපේක්ෂව 0.07% ක සුළු පසුබෑමක් වන අතර, ඒ අනුව දිනය අවසානයේ දර්ශකය ඒකක 23,882.82 ක් ලෙස සටහන් විය.
මිල දර්ශකයන්හි මෙම පහළ යාම මධ්‍යයේ වුවද, අද දින වෙළෙඳපොළ තුළ රුපියල් බිලියන 4.2 ක ඉහළ පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. ආයෝජකයන් විසින් ඇතැම් ප්‍රධාන පෙළේ සමාගම්වල කොටස් හුවමාරු කිරීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.














