කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (06) දිනයේදී ඒකක 131.62 කින් පහළ ගොස් ඇති අතර, ඒ අනුව දිනය අවසානයේ දර්ශකය ඒකක 22,701.91 ක් ලෙස සටහන් විය. සතියේ පෙර දිනවල මැදපෙරදිග පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ වෙළෙඳපොළ දැඩි කම්පනයකට ලක් වුවද, අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 5.0 ක් වැනි මට්ටමක පවත්වා ගැනීමට හැකි වී තිබේ.
පසුගිය මාර්තු 03 වැනිදා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තාගත විශාලතම ඒකක පහත වැටීම (ඒකක 1,290.68) වාර්තා වූ අතර, එයට සාපේක්ෂව අද දිනයේදී වෙළෙඳපොළ යම් ස්ථාවර භාවයක් පෙන්නුම් කළත් තවදුරටත් දර්ශකවල පහළ යාමක් දක්නට ලැබේ. ආයෝජකයින් මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ගෝලීය බලශක්ති මිල ගණන් පිළිබඳව අවධානයෙන් පසුවීම මෙම උච්චාවචනයන්ට ප්‍රධාන හේතුව වී ඇත.














