මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අද (03) කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දරුණුතම පසුබෑමකට ලක් විය. ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 1,290.68 කින් (5.44%) පහත වැටී ඒකක 22,443.38 ක් ලෙස සටහන් වූ අතර වඩාත් ක්‍රියාකාරී සමාගම් නියෝජනය කරන S&P SL20 දර්ශකය ද ඒකක 322.32 කින් පහත වැටුණි.
ගෝලීය තෙල් මිල ඉහළ යාම සහ යුදමය තත්ත්වය නිසා ආයෝජකයින් සිය කොටස් අලෙවි කිරීමට පෙළඹීම මෙම කඩා වැටීමට ප්‍රධාන හේතුව වී තිබේ. කෙසේ වෙතත්, කොටස් අලෙවි කිරීමේ වේගය නිසා අද දින වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 9.56 ක ඉහළ අගයක් ගෙන තිබුණි.














