මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය සහ ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ආයෝජකයින් දැක්වූ ප්‍රතිචාර හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ. ගනුදෙනු අවසානයේ දර්ශකය ඒකක 295.57කින් පහළ බැස 21,692.55ක් ලෙස සටහන් විය.
ගෝලීය වශයෙන් තෙල් සහ ගෑස් මිල ඉහළ යාම මෙන්ම සැපයුම් දාමයන්ට එල්ල වී ඇති බාධා දේශීය වෙළඳපොළ කෙරෙහි ද සෘජුව බලපා ඇත. දවස අවසානයේ කොටස් වෙළඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.2ක් ලෙස වාර්තා විය. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර දේශපාලනික වෙනස්වීම් හමුවේ ඉදිරි දින කිහිපය තුළ ද වෙළඳපොළේ යම් අස්ථාවරත්වයක් පැවතිය හැකි බවයි.














