පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කලටුවාව සහ ලබුගම ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටීම නිසා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (02) සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. අදාළ ප්‍රදේශවල ජනතාවට ඒ පිළිබඳව කෙටි පණිවුඩ (SMS) මඟින් කල්තියා දැනුම් දීමට පියවර ගන්නා බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.
ඒ අනුව ජල කප්පාදුව සිදුවන ප්‍රදේශ සහ වේලාවන් මෙසේයි:
පාදුක්ක ප්‍රදේශයට අද (02) රාත්‍රී 8.00 සිටත් හෝමාගම ප්‍රදේශයට හෙට (03) රාත්‍රී 8.00 සිටත් පැලන්වත්ත ප්‍රදේශයට ලබන සෙනසුරාදා (04) රාත්‍රී 8.00 සිටත් මෙලෙස පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති. මෙම පියවර ගනු ලබන්නේ පවතින නියඟය හමුවේ ප්‍රධාන ජලාශවලට එල්ල වන පීඩනය අවම කර ජල පරිභෝජනය කළමනාකරණය කර ගැනීම සඳහායි.














