ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජල මට්ටම පහළ බැසීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අද (09) දිනයේදී පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙම ජල කප්පාදුව අද උදෑසන 8.00 සිට පස්වරු 8.00 දක්වා ක්‍රියාත්මක වන අතර, නඩත්තු කටයුතු සහ ජල මට්ටම් කළමනාකරණය මෙයට හේතු වී ඇත.
ඒ අනුව මත්තෙගොඩ, බ්‍රාහ්මණගම, කිරිගම්පමුණුව, දීපංගොඩ සහ පොලිස්ගස්ඕවිට පාර යන ප්‍රදේශවලට මෙන්ම කුඩමාදූව සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා සහ පුබුදු මාවත සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපානු ඇත. ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ඇතිවන අපහසුතාව මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කලින් රැස්කර තබාගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.














