ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් (Colorado Springs) හි පිහිටි පීටර්සන් අභ්‍යවකාශ බලකා කඳවුර (Peterson Space Force Base) වෙත එල්ල වූ වෙඩි තැබීමේ තර්ජනයක් හේතුවෙන් ඊයේ (2026 මාර්තු 26) එම කඳවුර තුළ ආරක්ෂිතව රැඳී සිටීමේ (Shelter-in-place) නියෝගයක් නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදු කරන බවට කරන ලද තර්ජනයක් සැලවීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
මෙම හදිසි තත්ත්වය හමුවේ කඳවුරේ සියලුම පිවිසුම් දොරටු වසා දමා ඇති අතර එහි සිටින සියලුම නිලධාරීන්ට සහ සේවකයින්ට වහාම පහළ මාලයේ පිහිටි ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් දී තිබේ. කඳවුරේ නිල ෆේස්බුක් පිටුව හරහා ද මෙම පණිවිඩය නිකුත් කර ඇති අතර ආරක්ෂක අංශ මේ වන විට එම ප්‍රදේශයේ දැඩි සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.














