කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සම්මේලනයෙන් පසු පත් වූ නව මධ්‍යම කාරක සභාව ඊයේ (28) රැස්වී පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ඒකමතිකව පත් කරගෙන තිබේ. එහිදී පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද, සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ද නැවත වතාවක් තේරී පත් වූහ.
මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂයේ නව දේශපාලන මණ්ඩලය ද තෝරා පත් කර ගන්නා ලදී.














