• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සහන දෙන්නේ ජාති, ආගම්, පාට පක්ෂ භේදයෙන් තොරවයි – රාජ්‍ය අමාත්‍ය අනුරාධ

17 February 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් රජය සහන ලබාදෙන්නේ ජාති, ආගම්, පාට පක්ෂ භේදයෙන් තොරව බව ග්‍රාමීය කුඹුරු, ආශ්‍රිත වැව්, ජලාශ සහ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) පොල්පිතිගම දිය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් කියා සිටියේ ” කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ ජනතාව ඔබතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව පොල්පිතිගම වනජීවි කලාපය තුල ඇති කළමඩුවාව වැව ප්‍රතිසංස්කරණ කටයුතු දැනටමත් අප විසින් ආරම්භ කොට තිබෙනවා. එසේම මෙම වැව් ප්‍රතිසංස්කරණයේදී ප්‍රදේශවාසින්ගේ පානීය ජල ගැටලු සඳහා ද විසදුම් ලැබෙන පරිදි වඩාත් ප්‍රායෝගික වැව් තෝරා ගැනීමට අප කටයුතු කරනවා. කෘෂිකර්ම ආර්ථික රටාවක් පවතින අප රට තුල ගොවි ජනතාවගේ අත්‍යවශ්‍යය ජල ගැටලු විසදමින් පුරන් කුඹුරු යළි අස්වද්දවා මේ රට වඩා යහපත් හෙට දවසක් කරා ගෙනයාම තුලින් වර්තමාන දරු පරපුරට මෙන්ම අනාගතයේ උපදින දරු පරපුරටත් වාරි සෞභාග්‍යයේ ප්‍රතිඵල භුක්තිවිදීමට සැලැස්වීම අපගේ අරමුණයි යැයි රාජ්‍ය අමාත්‍ය ජයරත්න මහතා පවසා සිටියේය.

වාරි සෞභාග්‍ය වැඩ සටහනට සමඟාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරි කේෂ්ත්‍රය නඟා සිටුවීම මුල්කරගනිමින් වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ මහකිතුල හා මහකිරුළ ජලාශවල ඉදිකිරීම් කටයුතු යාපහුව ඉරුදෙනියාය කෝන්ගහ මංසන්ධියේ දී ආරම්භ කෙරුණු ඇති.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 10.8 ක් වැය වන අතර වසර තුනකදී නිමකිරීමට සැලසුම්කර ඇත. වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 90ක් දිග ඇළ මාර්ගයක්, මීටර් 25ක් පමණ උසැති වැව් බැමි සහිත මහකිරුළ සහ මහකිතුළ ජලාශ දෙකක්, උමං ජල මාර්ග පහක් මඟින් ගලේවෙල, පොල්පිතිගම, මහව සහ ඇහැටුවැව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව පවතින මහා වැව් හතකට හා කුඩා වැව් 350 කට දෙකන්නයේම වගා කිරීම සඳහා අවශ්‍ය ජලය 2024 වර්ෂය වන විට ලබාදීමට අපේක්ෂිතය.

ව්‍යාපෘතියේ වාර්ෂිකව ජලය අක්කර අඩි 105000 ක් පමණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයට හරවා යල-මහ දෙකන්නයේම වගා කටයුතු සඳහා ගොවිබිම් හෙක්ටයාර 13000 කට වාරි ජලය සපයමින් දැනට පවතින වකුගඩු රෝගයට හේතුවන පානීය ජල ගැටලුව අවම කිරීම වෙනුවෙන් වාර්ෂිකව ජලය අක්කර අඩි 8100 ක් ද මෙහි ඉලක්ක ප්‍රදේශවලට සපයාදීම සිදු වේ.

මෙම වයඹ පළාත් මහ ඇලේ අවසන් අදියරේ වැඩ ආරම්භ කිරීමට ලැබීම අප ලැබූ විශාල ජයග්‍රහණයක් යැයි මා සිතනවා. මෙම ව්‍යාපෘතිය යටතේ කි.මී.88.96 ක් දිග ඇල මාර්ගයකින් යුත් මී.25 ක් දිගැති වැව් බැමි සහිත වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතිය, මහ කිරුල සහ මහ කිතුල ජලාශ දෙකක් සහ කෙටි දිගකින් යුතු උමං ජල මාර්ගයකින් සමන්විත වන අතර මහ වාරිමාර්ග 07 කට සහ ග්‍රාමීය වැව් 326 කට දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය ලබාදීම 2024 වර්ෂය වනවිට සිදුකිරීම අපගේ අරමුණයි. මේ සඳහා වෙන්කර ඇතිමුදල රුපියල් මිලියන 51729ක් වනවා. ප්‍රතිලාභි පවුල් 40,000ක් වන අතර උග්‍ර ජල හිඟයක් පවතින ප්‍රදේශ වල පානීය ජල ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන ගමන් කෘෂි බිම් හෙක්ටයාර් 12,416ක් මෙම ව්‍යාපෘතිය තුළින් ආවරණය කිරීමේ හැකියාව ලැබෙනවා.

Post Views: 2
Previous Post

පවිත්‍රාගේ ඇමැති ධූරය චන්නට

Next Post

ව්‍යාජ ලේඛන සකසා මෙරටට ගෙන්වූ ටයිල් තොගයක් වහාම රේගු භාරයට ගන්නා ලෙස ඇමති විමල්ගෙන් උපදෙස්

editor

editor

Next Post

ව්‍යාජ ලේඛන සකසා මෙරටට ගෙන්වූ ටයිල් තොගයක් වහාම රේගු භාරයට ගන්නා ලෙස ඇමති විමල්ගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved