• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විවිධ රජයන් අතර මග නතර කර ඇති නිවාස 98,000 ක ඉදිකිරීම් කඩිනමින් නිම කරනවා – සභාපති රජීව්

4 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විවිධ රජයන් විසින් ආරම්භ කර අතර මග නතර කර ඇති නිවාස 98,000 ක ඉදිකිරීම් කඩිනමින් නිම කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සුරියආරච්චි මහතා පවසයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ ලෝක ජනාවාස දිනයට සමගාමීව නිට්ටඹුව රන්පොකුණු ගම නිවාස යෝජනා ක්‍රමයේ ගැටළු විසදීම සඳහා අද (03) දින පැවැත්වුණු ජංගම සේවයට සහභාගී වෙමිනි.

ඔහු අවධාරණය කරනනේ ඒ සඳහා රුපියල් මිලියන 24,000 මුදලක් අවශ්‍ය වන බවයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි දැනටමත් ඉදිකිරිම් කටයුතු ආරම්භ කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කරයි.

සභාපතිවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේ බලයට පත්වන ආණ්ඩු විසින් කලින් ආණ්ඩු ආරම්භ කල ව්‍යාපෘති අවසන් නොකර නව ව්‍යාපෘති ආරම්භ කිරිම නිසා මෙලෙස අඩක් අවසන් කල නිවාස 98,000 ක් ජාතික නිවාස පද්ධතියට එක් වූ බවයි.

මෙහිදී අදහස් දැක්වු සභාපතිවරයා “ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිට්ටඹුව රන්පොකුණගම නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පවතින ගැටළු විසදීම සදහා ජංගම සේවයක් අද දින ලෝක ජනාවාස දිනයට සමගාමීව අප පවත්වනවා. මෙම නිවාස යෝජනා ක්‍රමයේ ජීවත් වන ජනතාව තමන් මුහුණ දෙන ගැටළු රැසක් අප වෙත ඉදිරිපත් කළා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය හදන අවස්ථාවේදී නිසි සැලසුමක් තිබී නැති බව මගේ අදහසයි. මෙම නිවාස ව්‍යාපෘතිය හදන අවස්ථාවේදී මෙහි නිවාස ගැන අවධානය යොමු කරත් ඊට අදාල බාහිර අවශ්‍යතාවන් වන මලාපවාහන පද්ධතිය, දුරකතන රැහැන්, ජලනල පද්ධතිය, කාණු පද්ධතිය පිළිබද විශේෂ අවධානයක් යොමු කර නැහැ. ඒ කාලේ අවශ්‍ය වුණේ මුලින්ම නිවස හදා ගෙන පදිංචි වීමයි. නමුත් අධිකාරියක් ලෙස අපිට මෙම වගකීම් වලින් ගැලවෙන්න බැහැ. අද රට ගමන් කරන්නේ මුදල් අර්බුදයක් සමගයි. රටක් ලෙස ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අපි දැන් ක්‍රමයෙන් හොද අතට ගමන් කරමින් සිටිනවා. අපි මෙහි වගකීම භාර ගත්තේ මීට වසර 1 ½ කට පමණ පෙරයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ඇතුළු ආයතන රැසක් තිබෙනවා. අපේ අමාත්‍යංශයට අයත් ආයතන අතිරින් පසුගිය වසරේ වැඩිම ආර්ථික වර්ධනයක් ලබා ගත් ආයතනය බවට පරිවර්තනය වීමට අපි සමත් වුණා. අපේ ආයතනයට තිබුනු පඩි ගෙවා ගැනීම ඇතුළු ප්‍රශ්න විසදා ගෙන අද වන විට අපේ ආයතනය මූල්‍යමය වශයෙන් යම් ස්ථාවර තැනක සිටිනවා. අපි යම් යම් තීන්දු අරගත්තා. ඒ නිසා අද අපි ණය අයකිරීම් අතින් විශාල ප්‍රගතියක් ලබා ගෙන තිබෙනවා. අපි මෙම ආයතනය භාර ගන්න විට ණය අයකිරීම් වලින් මාසිකව හිමිවුනේ රුපියල් මිලියන 150 ක් පමණයි. නමුත් අද වන විට අපි ණය අයකිරීම් වලින් මාසිකව රුපියල් මිලියන 300 – 350 අතර මුදලක් ලබා ගනිමින් සිටිනවා. රජය විසින් අපේ ආයතනයට පඩිනඩි ගෙවන්න මුදල් ලබා දෙන්නේ නැහැ. අපි අභියෝග ජය ගෙන ඉදිරියට ගියොත් තමයි මේ ආයතන නගා සිටුවන්න පුළුවන් වෙන්නේ. අද වන විට බොහෝ ආයතන පාඩු ලබන තත්ත්වයට සහ සමහර ආයතන වසා දමන තත්ත්වයට පත්වෙලා තියෙනවා. නමුත් අපි ඒ ආයතන අතර නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වගේම අපේ අමාත්‍යංශය භාරව සිටින ප්‍රසන්න රණතුංග ඇමතිතුමා මේ ආයතනය ඉදිරියට ගෙනියන්න විශාල දායකත්වයක් ලබා දෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරීම් ආරම්භ කරලා බාගෙට හදලා නතර කළ නිවාස 98,000 ක් පමණ දිවයින පුරාම තිබෙනවා. මෙම නිවාසවල වැඩ අවසන් කරන්න රුපියල් මිලියන 24,000 ක් පමණ අවශ්‍ය වනවා. ඡන්දයක් ලංවෙන විට රුපියල් පනස් දාහක, ලක්ෂයක චෙක්පතක් දීලා බලයට ආවට පස්සේ එම නිවාසවල ඉතිරි වැඩ ටික කරගන්න බැරුව සිටින කාලයක තමයි ප්‍රසන්න රණතුංග ඇමතිතුමා මෙම ආයතනය භාර ගන්නේ. ඇමතිතුමා පළමුව අපිට උපදෙස් දුන්නේ කුමන ආණ්ඩුවකින් පටන් ගත්තත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ නතර කරලා තියෙන නිවාසවල ඉතිරි වැඩ කටයුතු අවසන් කරන්න කියලයි. ඒක ඉතාම උසස් ගුණයක් එතුමාගේ. මේ අමාත්‍යංශය භාර ගන්න සෑම ඇමති කෙනෙක්ම බලන්නේ තමන්ට ආවේණික වැඩක් කරලා තමන්ගේ නම දාගන්නයි. අපේ ආයතනයට රුපියල් මිලියන 3,750 ක් මෙම වසර තුළ රජ්‍ය භාණ්ඩාගාරයෙන් වෙන්කර තිබෙනවා. ඉන් මිලියන් 2,000 ක් පමණ දැනටමත් ලැබී අවසන්. අපි ජනාධිපතිතුමා සමග ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව අපිට රුපියල් මිලියන 3,750 ම ලැබෙයි කියලා විශ්වාස කරනවා. මෙම ජනාවාස සතිය තුළ අපේ අධිකාරිය විසින් දිස්ත්‍රික් කාර්යාල හරහා විවිධ වු වැඩසටහන් රැසක් සංවිධානය කරලා තිබෙනවා. අද වන විට අපි දකිනවා විවිධාකාරයේ නිවාස ඉල්ලීම් පත්තර වලින්, රූපවාහිනී නාලිකා මගින් ඉදිරිපත් කරනවා. සමහර වෙලාවට දානපතීන් ඒ සදහා ඉදිරිපත් වෙනවා. සමහර අවස්ථාවල අපි විසදුම් ලබා දෙනවා. මේ සදහා නිසි යාන්ත්‍රණයක් අවශ්‍ය වනවා. එම නිසා ඉදිරි කාලය තුළ මුළු දිවයිනම ආවරණය වන ලෙස තොරතුරු පද්ධතියක් අපි ඇති කරලා එම කටයුතු නිසි ලෙස සිදු කරන්න යාන්ත්‍රනයක් හදන්න බලාපොරොත්තු වෙනවා. එතකොට කැමති දානපතීන්ට නිවාස ඉල්ලීම් සදහා මුදල් ආධාර ලබා දෙන්න පුළුවන්. ඇමතිතුමාගේ උපදෙස් මත එම වැඩසටහනත් අපි කඩිනමින් එළි දක්වනවා.” යනුවෙන් සභාපතිවරයා පැවසීය.

මෙම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කෙරුණේ 1986 වසරේ දී. නිවාස 1610 කින් ආරම්භ වූ මෙම නිවාස යෝජනා ක්‍රමය තුල මේවන විට නිවාස දෙදහසකට ආසන්න ප්‍රමණයක් පවතී. නිවාස පැවරුම් කිරිම අනවසර පදිංචි නියමානු කූල කර ගැනීම සඳහා තොරතුරු ලබාදීම, ඉඩම් ගැටළු සහ මායිම් ගැටළු විසදා ගැනීම, නිවාස ඉදිකිරීමට නොහැකි යාබද ඉඩම් සංවර්ධනය සඳහා ලබා දීම, නිවාස අවශ්‍යතාවයන් සහ වෙනත් නිවාස ගැටළු සඳහා විසදුම් ලබා දීම මෙහි දී සිදු කෙරිණි.

රන්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමයේ දී පැවති මෙම ජංගම සේවයට සමගාමීව “සෙවන ආධාර” නිවාස වැඩසටහන යටතේ පවුල් 08 කට රුපියල් මිලියන 6 ක් වටිනා චෙක්පත් සහ “ඔබට ගෙයක් රටට හෙටක්” නිවාස ආධාර වැඩසටහන යටතේ පවුල් 11 කට රුපියල් මිලියන 71.5 ක් වටිනා නිවාස ආධාර චෙක්පත් ප්‍රතිලාභීන්ට ප්‍රදානය කිරීමද මෙහි දි සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උප සභාපති ලක්ෂ්මන් ගුණවර්ධන, බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීනී සන්ද්‍යා සිරිවර්ධන , ගම්පහ දිස්ත්‍රික් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු අතුල බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය සභා නිලධාරින් , ග්‍රාම නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Post Views: 1
Previous Post

DFCC බැංකුව, LankaSign ආයතනය සමඟ ගිවිසුම් ගත වෙයි

Next Post

නිල්වලා ගංගාවේ ලවන බාධකය නිසා ඉදිරියේ දී මාතර නගරය යටවීමේ අවදානමක් – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

නිල්වලා ගංගාවේ ලවන බාධකය නිසා ඉදිරියේ දී මාතර නගරය යටවීමේ අවදානමක් - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved