මෑතකදී සිදු වූ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව, ආනයන සහ අපනයන බහාලුම් (Container) ප්‍රවාහන ගාස්තු අද (22) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් ඉහළ දැමීමට තීරණය කළ බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.
මීට සුළු වේලාවකට පෙර ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමය විසින් ප්‍රමාද ගාස්තුද ඇතුළුව සමස්ත පිරිවැය 400% දක්වා ඉහළ යා හැකි බවට කළ අනතුරු ඇඟවීම් මධ්‍යයේ, බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය මෙම නිල ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කර ඇත. මෙම තීරණයත් සමඟ ඉදිරියේදී වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල කෙරෙහි තවදුරටත් බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














