• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

සඳහිරු සෑය චෛත්‍ය රාජයානන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සදහා බටලීය ජාතික අනුරූ පාසලේ දායකත්වය

9 November 2021
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දශක තුනක කුරිරු යුද්ධය නිමා කොට ලබා ගත් ජයග්‍රහණය සමරනුවස් ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිවූ සඳහිරු සෑය ඉදිකිරීමේ මූලික අඩිතාලමේ සිට කොත් වහන්සේ දක්වා වූ චෛත්‍යයරාජයාණන් වහන්සේගේ විවිධ වාස්තු විද්‍යාත්මක නිර්මාණ කටයුතු සදහා, නිර්මාණ අදහස,් උපදේශකත්වය, නිර්මාණ සදහා ශ්‍රම දායකත්වය ලබාදීම මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රමුඛ කොට ජාතික අනුරු පාසල මගින් සිදුකරන ලදී.

මෙම ස්ථුපය ආරම්භක අවධියේ පළවෙනි පේසා මට්ටමේ නිදන් කිරීම සදහා සුදුසු මංගල වස්තුන් මොනවාද යන්න සහ සෑදිය යුතු පිළිවෙල මධ්‍යම සංස්කෘති අරමුදල හට පැවරිනිග ඒ අනුව හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් වන පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණි අදිකාරි මහතා විසින් අනුරූ පාසලේ අධ්‍යක්‍ෂ සරත් කුමාරසිරි මහතාගෙන් මේ පිලිබදව විමසන ලදී. ඉන් පසු ජාතික අනුරූ පාසලේ නිෂ්පාදන අංශයේ වැඩ මූලික ගාමිණි ධර්මසිරි ජයසිංහ මහතාගෙන් විමසා සිටි අතර ඔහු විසින් දැනුම් දෙන ලද්දේ, මේ පිළිබද විස්තර මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතා විසින් පරිවර්තනය කරන ලද, මංජු ශ්‍රී භාෂිත වාස්තු විද්‍යාශාස්ත්‍ර ග්‍රන්ථයේ (මෙය ක්‍රි ව 7 වන සියවසේ දී පමණ සංස්කෘත භාෂාවෙන් ලියන ලද වාස්තුවි»ව හා චිත්‍ර කර්ම පිලිබද පුස්කොල පොතකි ) ඇතුලත් වී ඇති බවයි. ඒ අනුව ගාමිණි මහතා විසින් මේ නිදන් වස්තු තැන්පත් කිරීම පිළිබද විස්තර මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් තුමාට දැන්වීය.

එම දැනුම් දීමෙන් පසුව අධ්‍යක්‍ෂ ජනරාල් මහචාර්ය ගාමිණී අදිකාරී මහතා මේ පිළිබදව බොහෝ සිත් පැහැදී එම ග්‍රන්ථයේ සදහන් ආකාරයටම මෙම චෛත්‍ය රාජයානන් වහන්සේගේ ඉදිරි නිර්මාණ කටයුතු සදහා අවශ්‍ය වාස්තු විද්‍යාත්මක අංගයන් නිසිලෙස සකසා නිර්මාණය කර දෙන ලෙස දන්වන ලදී.

ඒ අනුව බටලීය අනුරූ පාසලේ අධ්‍යක්‍ෂ සරත් කුමාරසිරි මහතාගේ සහ ස්ථානභාර නිලධාරී රේණුකා ප්‍රේමතිලක මහත්මියගේ උපදෙස් පරිද,ි වැඩ මූලික ගාමිණි ධර්මසිරි ජයසිංහ මහතා ඇතුන්‍දා ශිල්පීන්ගේ නිර්මාණ දායකත්වයෙන් අෂ්ඨමංගල වස්තු නිර්මාණය කරන ලදී. 2012-11-18 දින අෂ්ඨ මංගල වස්තු ස්ථූපයේ පළවෙනි පේසාවේ නිදන් කරන ලදී.

තුන්වන පේසා මට්ටමේ නිදන් කිරීම සදහා සැකසූ යන්ත්‍රගල දැවැන්ත නිර්මාණාත්මක කාර්යයක් විය. මන්ද යත් එහි දේවරූප 25 ක් සහිත කෝශ්ඨ 25ක යන්ත්‍ර ගලක් වීමත්, දිසා හතරට පංචධ්‍යානී බුදුවරු පස්නම හා බෝධිසත්ව ශක්තීන් සිව් දෙනෙකුගේ ප්‍රතිමා නිර්මාණය කිරීමත් ඉතා දුෂ්කර කාර්යයක් වීමයි. දේව රූප 25 ක රූප බේදයන් සොයා විස්තරාත්මකව හා සියුම්ව නිර්මාණය කොට ඒ ඒ දිශාවලට අනුව කෝශ්ඨ 25 ක තැන්පත් කිරීම සදහා අනුරු නිකේතනයේ අධ්‍යයන අංශයේ සහය ද ලබාගන්නා ලදී. පිත්තල වාස්තු අංශය මගින් ඒවායේ නිර්මාණ කටයුතු ආයතනය තුලම සිදු කරන ලදී. 2013-06-23 පොසොන් පොහෝ දින මේවා එවකට ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් නිදන් කරන ලදී.

ගර්භයේ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාව සහ බෝධීන් වහන්සේ තැන්පත් කිරීම සදහා රන් කිලෝ අටක බරෙන් යුතු සමාධි බුද්ධ ප්‍රතිමාව සහ රන් කිලෝ දෙකක බරෙන් යුතු ස්වර්ණමය බෝධිය නිර්මාණය කිරීම, මීලග කාර්ය විය. මේ පිලිම වහන්සේ නිර්මානය සදහා ආදර්ශය ලෙස පොලොන්නරුව වටදාගෙයි උතුරු දොරටුවේ තැන්පත් කර ඇති ශෛලමය ප්‍රතිමාව යොදාගන්නා ලදී. එහි නිර්මාණ කටයුතු සුමුදු සුනෙත් ශිල්පියා විසින් සිදුකරන ලදී.මෙහි අධීක්ෂණ කටයුතු වැඩ මූලික ගාමිණී ධර්මසිරි ජයසිංහ මහතා සහ අධ්‍යක්ෂ සරත් කුමාරසිරි මහාතා විසින් සිදුකරන ලදී.

මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් විය. අනුරූ පාසලේ නිෂ්පාදන කණ්ඩායමට විශාල අභියෝගයක් විය. හේතුව ස්වර්ණමය මාධ්‍යයෙන් කිසිම නිර්මාණයක් මින් පෙර අප විසින් කර නොතිබීමයි. ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුල රන්කරුවන්ද ලෝහ වාත්තු සදහා පිළිම තලාවේ සාම්ප්‍රදායික ශිල්පීන්ද එකතු කරගෙන වැලිසර නාවික හමුදා කදවුරේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ මෙම නිර්මාණ කටයුතු සිදුකිරීම ආරම්භ කරන ලදී. පළමුව ඉටි මාධ්‍යයෙන් අනුරූ පාසලේ වැඩමූලික ගාමිණී ධර්මසිරි මහතා විසින් විසින් බුදු පිළිමයේ අනුරුව සහ බෝධින් වහන්සේගේ සැලසුම නිර්මාණය කරන ලදී. පළමු වාත්තුවේදී මැටි අච්චුව කැඩී යාමෙන් අනතුරුව නැවත පැය 24 ක් ඇතුලත අලුත් අච්චුවක් තනා රනින් බුද්ධ ප්‍රතිමාව වාත්තු කරන ලදී. එය සියුම් ලෙස නිමා කටයුතු කිරීම අනුරූ පාසලේ ගාමිණී ධර්මසිරි ජයසිංහ මහතා විසින් සිදුකරන ලද අතර අධ්‍යක්ෂ සරත් කුමාරසිරි මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවිය. මෙම කටයුක්ත දිවා රාත්‍රී දෙකෙහිම වෙහෙසකර කටයුක්තක් වූ අතර නාවික හමුදාවේ නිලධාරීන්ද අනුරූ පාසලේ ශිල්පීන්ද සාම්ප්‍රදායික වාත්තු කරුවන්ද සහ රන්කරුවන්ද මහත් කුතුහලයෙන් යුතුව කැපවීමෙන් වැඩ කරන ලද අවස්ථාවක් විය.

මෙසේ නිර්මාණය කරන ලද ස්වර්ණමය බුදු පිලිම වහන්සේ හා ස්වර්ණමය බෝධින් වහන්සේ එවකට ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය පෙරටු කොටගෙන 2014 නොවැම්බර් 23 දින ස්ථූප ගර්භයේ තැන්පත් කරන ලදී.

ස්ථූපයේ අඩි 20 ක් උසැති කොත් වහන්සේ නිර්මාණ කටයුතු ආරම්භ කිරීම

සමානුපාතික ලක්ෂණ වලින් භෙබි අලංකාර ලෙස කොත් වහන්සේගේ සැලසුමක් නිර්මාණය කිරීම විශාල අභියෝගයක් විය. ලංකාවේ විවිධ ස්ථූපවල ඇති කොත් වහන්සේලා අධ්‍යයනය කර පැරණි ශිල්ප ශාස්ත්‍රවල ග්‍රන්ථ වල තොරතුරු විමර්ශනය කර පළමු සැලසුම අනුරු පාසලේ නිෂ්පාදන වැඩ මූලික ගාමිණි ධර්මසිරි ඡයසිංහ මහතා විසින් නිර්මාණය කරන ලදී. එය ආරක්ෂක අමාත්‍යාංශයට යවා ස්ථූපයේ වැඩ කටයුතු භාරව සිටි, ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ, අණදෙන නිලධාරී, කර්නල් එස්. මොහාන් කුමාර් (යූ. එස්. පී.) මහතාගේ අධීක්ෂණයෙන්ද අනතුරුව කොතේ සැලසුම් කටයුතු අවසන් විය.

මේසා විශාල අඩි 20 ක් පමණ උසැති කොත් වහන්සේ පිත්තලෙන් නිර්මාණය කිරීමට පෙර මැටියෙන් ආදර්ශයක් තනා ෆයිබර් මධ්‍යයෙන් අච්චු ගැනීම අනුරු නිකේතනයේ ශිල්පීන්ට මහත් අභියෝගාත්මක හා වෙහෙසකාරී කටයුක්තක් විය. මෙවැනි අති දැවැන්ත කොත් වහන්සේ නිර්මාණය කිරීම ඉතා සුපරික්ෂාකාරීව විවිධ මිනුම් භාවිතයෙන් සිදු කිරිම ශිල්පීන් දහදෙනෙකුගේ දෑතීන් සිදුවිය.

මෙම නිර්මාණය පිත්තල මාධයෙන් වාත්තු කිරීම සදහා තෝරාගත් පිත්තල වාත්තු කරුවෙක් වෙත බාරදෙනු ලැබිණි. නත්තරන්පොත කලාපුරයේ එම්. එස්. පී. නන්ද කුමාර මහතා විසින් එම කාර්ය ඉටුකරගැනීමට තෝරා ගැනුණි. ඉන් අනතුරුව ඔහු විසින් මෙම කාර්ය නිමා කිරීම සදහා රුපියල් ලක්ෂ 57 කට මුදලකට එකග විය. එම නිර්මාණය සැකසීම සදහා ඇණවුම 2014-10-10 දින බාර දෙන ලදී. 2015 වර්ෂයේදී පැවති රජය වෙනස් වීමත් සමග මෙම කටයුතු අඪාල විය. නැවතත් නව රජය බලයට පත්වීමත් සමග ස්ථූපයේ ඉදිකිරිම්ද කඩිනම් විය. නැවැත කොත් වහන්සේගේ නිර්මාණ කටයුතුද ආරම්භ කෙරිණි. ඒ අනුව පිත්තල කිලෝ 1000 බරින් යුතු මෙම කොත්වහන්සේගේ නිර්මාණ කටයුතු අවසන් කිරීමට හැකි විය. මෙහි ස්වර්ණමය ආලේප කිරීම සදහා මහත් අභියෝගයක් විය. හේතුව දිගුකල් පැවැත්ම සහිත වර්ණයක් තෝරා ගැනීමයි. මේ සදහා ලංකාවේ නොයෙකුත් ආයතන අප විසින් සොයා බැලිනි. ඉන් අනතුරුව නිෂ්පාදන අංශයේ වැඩ මූලික ගාමිණි ජයසිංහ මහතා සහ අධ්‍යයන අංශයේ ධනුෂ්ක රවීන්ද්‍ර මහතා දෙපල විසින් කොළඹ සී. අයි. සී. සමාගමේ ්න‘දබදඉැක ඡ්සබඑ ඛ්බන් සමාගම වෙත ගොස් විමසීමක් කරන ලදී. ඉන් අනතුරුව ඔවුන් ජාතික අනූරූ පාසලට පැමිණ, ප්‍රායෝගික වැඩමුලුවක් පවත්වා ශිල්පීන් සහ අධ්‍යයන සිසුන් දැනුවත් කරන ලදී. එදින ස්ථූපය භාර කර්නල් මොහාන් කුමාර් මහතා සහ පිත්තල වාත්තුකරුවන එම්. එස්. පී. නන්ද කුමාර මහතා සහභාගි විය.

එදින සඳහිරු සෑයේ කොත් වහන්සේගේ නිර්මාණ කටයුතු ගැන පැහැදී සී.අයි.සී සමාගමේ Akzonobel  Paint Lank කලමනාකරු (තාක්ෂණික හා පුහුණු කිරීම් ) රොහන් සමරවීර මහතා විසින් ඔවුන්ගේ බැතිබර දායකත්වයෙන් යුතුව රන් ආලේපය කිරීම සිදු කිරීමට පොරොන්දු විය.
කොත්වහන්සේගේ පිත්තල වාත්තු කටයුතු අවසන් වූවාට පසු එය අනුරාධපුර සදහිරු සෑ ස්ථූප පරිශ්‍රය වෙත ප්‍රවානය කරදීම, මිනුවන්ගොඩ සුප්‍රසිද්ධ දානපති සුනිල් ජයසිංහ සහ පුත්‍රයෝ ආයතනයේ අධිපති, සුනිල් ජයසිංහ මහතා විසින් නොපැකිලව ඉටුකර දෙන ලදී.

මේ වන විට ස්ථූපයේ හතරුස් කොටුව දක්වා අවසන් අදියර නිමා වෙමින් පවතින අතර, එහි නිදන් වස්තු තැන්පත් කිරීමට ඇති අවශ්‍යතාව කර්නල් මොහාන් කුමාර මහතා විසින් අප ආයතනයට දැනුම් දෙන ලදී. ඒ අනුව රුවන් තැන්පතුව සැලසුම් කෙරිණි. නව කෝෂ්ඨ යන්ත්‍ර ගලක නව රත්න මැණික් ඒ ඒ දිශාවන්ට අනුව තැන්පත් කිරීම සැලසුම් හා උපදේශකත්වය අනුරූ පාසල මගින් සපයන ලදී. 2021.03.27 දින මැදින් පෝය දින ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රුවන් තැන්පතුව සිදුකරන ලදී. එදින නිෂ්පාදන අංශයේ වැඩ මූලික ගාමිණි ජයසිංහ මහතා වෙත, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් ඉදිරි වැඩ කටයුතු විධිමත් අයුරින් ඉටුකරදෙන ලෙස උපදෙස් ලබාදෙන ලදී.

ඒ අනුව නිෂ්පාදන අංශයේ වැඩ මූලික ගාමිණි ජයසිංහ මහතා සහ ස්ථූපයේ වැඩ කටයුතු භාරව සිටි, ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ, අණදෙන නිලධාරී, කර්නල් එස්. මොහාන් කුමාර් (යූ. එස්. පී.) මහතාගේ අධීක්ෂණයෙන්ද අනතුරුව සී.අයි.සී සමාගමේ ්න‘දබදඉැක ඡ්සබඑ ඛ්බන් කලමනාකරු (තාක්ෂණික හා පුහුණු කිරීම් ) රොහන් සමරවීර මහතා ඇතුලු පිරිස විසින් කොත්වහන්සේගේ ස්වර්ණ ආලේපය විධිමත් අයුරින් ස්ථූප භූමියේ සිටම නිමකරන ලදී.

ඉන් අනතුරුව අණදෙන නිලධාරී, කර්නල් එස්. මොහාන් කුමාර් (යූ. එස්. පී.) මහතාගේ ඉල්ලීම පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාගේ උපදෙස් පරිදි දේවතා කොටුවේ දිශා අටක් සදහා දේවතාරුප අටක් සැකසීමට අවශ්‍ය උපදෙස් සහ සැලසුම් ලබා දී දින දෙකක් නේවාසිකව නැවතී ස්ථූපයේ ඉහල දේවතා කොටුවේ සිට, අව් වැසි සුළං බාධක මධ්‍යයේ අනුරූ පාසලේ වැඩ මූලික ගාමිණි ජයසිංහ මහතාගේ අධීක්ෂණයෙන් සිදුකර සදහිරු සෑ ස්ථූපයේ වාස්තුවි»ත්මක අංගයන් ගේ නිර්මාණ කාර්යන් සදහා දායකත්වය ලබාදෙන ලදී,

 

පිටපත – මධ්‍යම සංස්කෘතික අරමුදල

 

Post Views: 2
Previous Post

නව්‍යකරණය වූ දේශිය රෙදිපිළි හා බතික් කලාවක් බිහිවනු ඇතැයි විශ්වාස කරනවා – අගමැති

Next Post

පලාගලට ජලය දෙන්න ඇමති දුමින්ද දුටු සිහිනයත් සැබෑ වෙයි

editor

editor

Next Post

පලාගලට ජලය දෙන්න ඇමති දුමින්ද දුටු සිහිනයත් සැබෑ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved