අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) නිලධාරීන්ගේ වැටුප් විනිසුරුවරුන්ගේ වැටුප් මට්ටමට සමාන වන පරිදි ඉහළ නැංවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) නිර්දේශ කර තිබේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ මෙම නිර්දේශය මීට වසර කිහිපයකට පෙර ඉදිරිපත් කළද එය මෙතෙක් ක්‍රියාත්මක නොවූ බවයි. දූෂණ විමර්ශන කටයුතු වඩාත් ස්වාධීනව සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා මෙම නිලධාරීන්ට නිසි වෘත්තීය ගරුත්වයක් සහ ආර්ථික සුරක්ෂිතතාවක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.














