හේන් ගොවීන්ගේ ගැටලු රජය විසදීමට කටයුතු නොකලහොත් ඉදිරියෙදී මැදවච්චිය ගොවීන් සමග පාරට බහින බව සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද(08) මැදවච්චිය කිඩවරන්කුලම හේන් ගොවීන්ගේ සහ ආනෙකට්ටිය හේන් ගොවීන්ගේ ගැටළු පිළිබඳ සොයා බැලීමට ගිය අවස්ථාවේදිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා” මේ ආසාධාරණකම් කරන්නේ කාටද මේ නිලධාරින්. අද වන විට වී ගොවියා ගත්තාම පොහොර ටික රජයෙන් දෙන්න ඕනේ. වී ටික මිලදී ගන්න ඕනේ. වතුර දෙන්න ඕනේ. ඒ සියල්ල නඩත්තු කරලා වී ගොවියා රකිනවා වගේම රජයට කිසිදු බරක් නොදී වගා කටයුතු සිදු කරන හේන් ගොවියාත් ආරක්ෂා කාරීමේ වැඩ පිළිවලත් රජය විසින් වහාම සැකසිය යුතුයි. රටේ ඩොලර් ටික මේ අය ඉතුරු කරනවා. මේ ඉඩම් තමන්ගේ පරම්පාරාවෙන් ලැබුණ ඉඩම්. ඒවා උකස් තියලා , විකුණලා සල්ලි හම්බ කරන්න ඕන නැති නිසයි මේ අය ඔප්පු තිරප්පු හදාගෙන නැත්තේ. ඒ අය හිතුවේ නෑ ඒ අයගේ ඉඩම් අඩවි වන නිලධාරින් නැවත උදුර ගනියි කියලා. ධනවතාට වෙනම නීතියක්. දුප්පතාට මේ අයගේ වෙනම නීතියක්. මේ හේන් වපුරලා ලැබෙන පුංචි ආදායමින් තම බඩ කට පුරවාගෙන ජාතික ආර්ථිකයටත් ධාන්‍ය ටික දුන්න හේන් ගොවියව දැන් මැදවච්චියේ අඩයි වන නිලධාරින් හිරේ දාන්න පටන් අරන්. මේ ඉඩම් වලට ආපු ගමන් පේනවා දීර්ග කාලීනව වගා කළ ඉඩම් බව. මේ නිලධාරින් ගොවීන්ගෙන් පලි ගන්නවා. අපි විෂය භාර අමාත්‍ය වරුන්ට මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේවට ඇවිත් බලන්න. පැලේ තියෙන කැත්තට පොරවට නඩු දාන නිලධාරින් මේ ගම් වලට එවන්න එපා. මේ හේන් ගොවියා රටට සම්පතක්. ඒක තේරුම් ගෙන වැඩ කරන්න පුලුවන් නිලධාරින් අපට එවන්න. මේ ඉඩම් ගොවීන්ට නිදහස් කර දෙන්න කියලයි රජයෙන් අපි ඉල්ලා සිටින්නේ. එසේ කළ නොහැකිනම් අපි ගොවීන් සමග පාරට බහින්න සූදානම් යැයි මන්ත්‍රී රෝහණ බංඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.