අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයෙකු වූ බවට චෝදනා ලැබ, ඇප මත මුදා හැර සිටි ඔබේතුඩුවගේ සමිත හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (09) වරෙන්තු නිකුත් කළේය. නඩුව කැඳවූ අවස්ථාවේදී උන්වහන්සේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් විය.
මෙම නඩුවේම සැකකරුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ද අද දින අධිකරණයට පැමිණ නොසිටි අතර, ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව නීතිඥවරුන් දැනුම් දුන්හ. ඒ අනුව, මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙසත්, එදිනට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව ඇප මත සිටින රුහුණු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ඇන්තනී වේරංග පුෂ්පික ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අධිකරණයේ පෙනී සිටි අතර, මීට පෙර වරෙන්තු නිකුත් කර සිටි 6 වන සැකකරු වූ චමෝදි අල්පොන්සෝ හට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය තීරණය කළේය.















