අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු අද ඊයේ ඇති වූ ඒවා නොව, වසර 15-20ක සිට පැවත එන ඒවා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. මාතර නීතිඥ සංගමය සමඟ මාතර කොටවිල අධිකරණ සංකීර්ණයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී මහේස්ත්‍රාත් අධිකරණ පහසුකම්, කාර්ය මණ්ඩල පුරප්පාඩු, තාක්ෂණික උපකරණ සහ නීතිඥ කාර්යාල ඉඩම් ගැටලු ඇතුළු කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් විය.














